පොත ඔබේ සිහින හඹා යාමේ වැදගත්කම සහ ඔබේ හදවතේ ආශාවන්ට සවන් දීමේ වැදගත්කම අවධාරණය කරයි.
2.වෙනස්වීම බාර ගන්න :
ජිවත් වීමේදී අපට මුහුණ දීමට සිදුවන් වෙනස්වීම ජීවිතයේ ස්වාභාවික අංගයක් වන අතර, එයට එරෙහි වීමට වඩා එය වැළඳ ගැනීමට පොත අපව පොළඹවයි.
3. ගමන ගැන විශ්වාසයක් තබා ගන්න:
කුමන බාධක පැමිණියත් තමන් ආරම්භ කල ගමන පිළිබඳව විශ්වාස කරන්න. ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට උපකාර කිරීමට විශ්වයඔබට සහය වන බව විශ්වාස කරන්න.
4. භීතිය ජය ගන්න:
යම් කිසි පියවරයක් ක්‍රියාත්මක කිරීමට යාමේදී අපේ හිතේ ඇතිවන බියෙන් අපව වළක්වනු ඇත.නමුත් අප එම බියට මුහුණ දීම පුද්ගලික වර්ධනයට සහ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වේ
ඔබේ බුද්ධිය සහ අභ්‍යන්තර මඟ පෙන්වීම කෙරෙහි අවධානය යොමු කරන්න; එය බොහෝ විට ඔබව නිවැරදි දිශාවට යොමු කරයි
ඔබටම පුද්ගලික වූ ආදර්ශ පාඨයක්" හෝ ජීවන අරමුණක් සොයා ගන්න, එය ඉටු කිරීමට වෙහෙස නොබලා වැඩ කරන්න.
තමන් ජිවත් වන මේ මොහොත ගැන සිහියෙන් සිටීමට සහ සෑම අත්දැකීමකින්ම ඉගෙන ගැනීමට පොත අපට මතක් කර දෙයි.
සාර්ථකත්වය සඳහා බොහෝ විට ඉවසීම සහ නොපසුබට උත්සාහය අවශ්‍ය වේ; ඔබේ සිහින අත් නොහරින්න.
9.ලෝකයේ භාෂාව ට ඇහුන්කන් දෙන්න.
විශ්වය විසින් සෑම දෙයක්ම ආකර්ෂණය කර ගනී.සන්නිවේදනය කරයි. එම නිසා සැමවිටම විශ්වයේ ආමන්ත්‍රණයට සවන් දෙන්න.ලෝකයේ භාෂාවට සවන් දීමට සහ තේරුම් ගැනීමට ඉගෙන ගන්න.
10. ආදරය සහ සම්බන්ධකම්.
ආදරය යනු අපේ ගමනාන්තයට යාමේදී එය සාර්ථක කර ගැනීමට ලැබෙන උත්තේජනයකි. එමෙන්ම නිවැරදි මාර්ගය පෙන්විය හැකි ප්‍රභල ශක්තියකි.
නිලක්ෂි බණ්ඩාර
17/09/23.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........