‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Thursday, September 7, 2023

Ghost Pipe (Monotropa Uniflora) නල පැල

 


Ghost pipe ශාකය අවතාර දුම් පයිප්පය ,නල පැලය,  ඉන්දියානු පයිප්පය ආදී නම් වලින් හැඳින අතර , මෙහි ක්ලොරෝෆිල් අඩංගු නැත.එයට ප්‍රබාසංස්ලේෂණය කල නොහැක.එය ගස් ආශ්‍රිතව වැඩෙන දිලිර වර්ගයකින් පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්න අතර , එම පදාර්ථ ප්‍රවාහනය වන්නේ දිලිර හයිෆ ජලය හරහාය.දිලිර සහ ගස් අතර ඇති සම්බන්දය මයිකොරාල්සිල් (mycorrhizal) සම්බන්ධයකි.එහිදී ගස මගින් දිලීර වලට ප්‍රබාසංස්ලේෂණයෙන්  සාදන කාබෝහයිඩ්රේට් සපයන අතර දිලිර මගින් ගස් වල‍ට විවිධ ඛණිජ වර්ග සපයනු ලබයි.ඝෝස්ට් පයිප් මගින් ගසට කිසිවක් නොලැබෙන අතර දිලිරයට ගසෙන් පෝෂ්‍ය පදාර්ථ ලබා ගනී.
දිලිරයට මෙම මල් වර්ගය අහ ශාකය පෝෂණය කිරීමට පදාර්ථ වැඩි වශයෙන් අවශ්‍ය වන නිසා මොනොට්‍රොපා යුනිෆොරා දිලිරයේ සේම අවට ශාක වලද පරපෝෂිතයෙකු වේ. මෙම ශාකය 
ඝන වනාන්තරවල යටිතලයෙහි මෙන් ඉතා අඳුරු පරිසරවල වර්ධනය විය හැක.
මෙම ශාකය Monotropaceae ශාක වර්ගයට අයත් ලෙස වර්ගීකරණය කල අතර පසුකාලීනව සිදු කල පර්යේෂණ වලින් Ericaceae ශාක (heathers) පවුලට ඇතුළත් කිරීමට නැවත වර්ගීකරණය කරන ලදී.

ක්රැන්බෙරි, බ්ලූබෙරි, අසේලියා සහ රෝඩොඩෙන්ඩ්‍රන් වැනි ශාකද මේ කුලකයට අයත් යැයි කියවේ.
නල පැල ඉතාමත් දුරලභ ශාකයක් වන අතර බහුවාර්ෂික ශාකයකි.ආසියාවේ සහ උතුරු ඇමරිකාව පුරා සහ උතුරු දකුණු ඇමරිකාවේ සමහර කොටස්, සෙවන සහිත වනාන්තරවල, පොහොසත්, තෙතමනය සහිත පසෙහි හෝ දිරාපත් වූ දැව සහ කොළ වලින් සමන්විත පසෙහි සහ ගස් පාමුල අසල වැඩෙයි. මුළු ශාකයම එහි සියලුම කොටස් ඇත් දත්-සුදු වන අතර ශීත කළ ජෙලි වලට සමාන වේ.

නිලක්ෂි බණ්ඩාර
07/09/2023 

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........