‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Wednesday, January 7, 2026

ඉන්දියාවේ ගොවීන්ගේ දෛවය වෙනස් කරන මැජික් නිල් මල.




"වසර කිහිපයකට පෙර, සමනල කව්පි මල මගේ ගමේ තවත් කඳු වල වැවෙන ශාකයක් පමණයි," ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අන්තයිග්වාලාඕ ගම්මානයේ ජීවත් වන නිලම් බ්‍රහ්ම පවසයි.

ඉන්දියාවේ අපරාජිත ලෙසද හැඳින්වෙන සමනල කව්පි, වැල් ලෙස වැඩෙන අතර කැපී පෙනෙන නිල් මලක් ඇත. මෙය ශ්‍රී ලංකාවේ නිල් කටරොළු නමින් හැඳින්වේ.වසර දෙකකට පමණ පෙර, බ්‍රහ්මට ආරංචි වූයේ ගමේ කාන්තාවන් තේ හෝ නිල් සායම් බවට පත් කළ හැකි මල් විකුණා මුදල් උපයන බවයි.
ඇය ඔවුන් හා එක්වීමට තීරණය කළාය." එයින් ලද ප්‍රතිපලය සහ ප්‍රතිලාභය මා විමතියට පත් කළා. වියළි මල් විකිණීමෙන් මම පළමු වරට ඩොලර් 50 (£37) උපයා ගත් විට, මට සතුටක්සහ සිතට ශක්තියක් ලැබුනා . එයට මගේම අනාගතය පාලනය කළ හැකි යැයි මට විශ්වාස කළා," ඇය පවසයි.

මම ණයක් සඳහා ඉල්ලුම් කර සූර්ය වියළන යන්ත්‍රයක් මිලට ගත්තා.. මල් ඉක්මනින් වියළීමට, ඒවායේ වර්ණය ආරක්ෂා කර ගැනීමට සහ ගැනුම්කරුවන් ඉල්ලා සිටින ගුණාත්මක ප්‍රමිතීන් සපුරාලීමට යන්ත්‍ර මට උපකාරී වුණා."
තායිලන්තය සහ ඉන්දුනීසියාව සමනල කව්පි මල් වගා කරන්නන් සහ පාරිභෝගිකයින් අතර ප්‍රමුඛස්ථානය ගෙන ඇත.

"ස්වාභාවික වර්ණක සඳහා ගෝලීය ඉල්ලුම වැඩි වෙමින්ප වතී," ස්වාභාවික ඩයි වර්ග සහ ආකලන අපනයනය කරන THS ඉම්පෙක්ස් හි නිර්මාතෘ වර්ෂිකා රෙඩ්ඩි පැහැදිලි කරයි.

එම ඉල්ලුම පිටුපස ඇත්තේ ස්වභාවික අමුද්‍රව්‍ය සඳහා පාරිභෝගික කැමැත්ත සහ කෘත්‍රිම ආහාර සායම් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ඇති දැඩි පාලනයන් ය.2021 දී, එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) සමනල කව්පි මල ආහාර ආකලන ද්‍රව්‍යයක් ලෙස අනුමත කළේය.

කෙසේ වෙතත්, ඉන්දියානු ව්‍යවසායකයින් තවමත් විභවයන් දකින අතර ඉන්දියාවේ වෙළඳපොළ සංවර්ධනය කිරීමට කැමතියි."මෙම බෝගය තවමත් වාණිජ භාණ්ඩයක් ලෙස නොව ගෙවත්තේ අලංකාර හෝ ඖෂධීය ශාකයක් ලෙස සැලකේ," රෙඩ්ඩි පවසයි.

"අපි උත්තර් ප්‍රදේශ්හි ගොවීන් සහ ඔවුන්ගේ පවුල්වල කැපවූ පොකුරක් සමඟ වැඩ කරන අතර, සැලකිය යුතු කාන්තා ගොවීන් සංඛ්‍යාවක් ද ඇතුළුව. "අපි විධිමත් ගිවිසුම් ඇති කර ගෙන ඇත්තෙමු.හොඳම ගොවිතැන් පිළිවෙත්, වාරිමාර්ග කළමනාකරණය සහ බෝග-නිශ්චිත ශිල්පීය ක්‍රම පිළිබඳ මග පෙන්වීම ඇතුළුව අපි පුළුල් කෘෂි විද්‍යාත්මක සහාය ලබා දෙන්නෙමු," ඇය පවසයි.

නිෂ්පාදන ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ඇය ගොවීන් සමඟ කටයුතු කරයි.
ඉන්දියාවේ අනෙක් අය මෙම වාණිජ අවස්ථාව හඳුනාගෙන තිබෙනවා. "මල් උණු වතුරට දැමූ විට එය නිල් පැහැයට හැරෙන අතර ලෙමන් මිරිකා දැමු විට එය දම් පැහැයට හැරේ. එය මායාකාරී බවක් දැනුණා," දිල්ලියෙ නිතේෂ් සිං පවසයි.

රෙඩ්ඩි මෙන්ම, ඔහු සිතුවේ මලට ඉන්දියාවේ වැඩි විභවයක් ඇති බවයි. 

 "එය වසර දහස් ගණනක් ඉන්දියාවේ පැවතුණු ශාකයකි, නමුත් එය පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න ආහාරයක් බවට පත්විය හැකි බව කිසිවෙකු දැන සිටියේ නැත," සිං තවදුරටත් පවසයි.

ඉතින්, 2018 දී ඔහු ඉන්දියානු සමනල ඇට සමඟ ඉන්දියානු වෙළඳ නාමයක් වගා කිරීමේ බලාපොරොත්තුවෙන් බ්ලූ ටී ආරම්භ කළේය."මුලදී, අපට ඉන්දියාවේ හොඳ තත්ත්වයේ මල් සොයා ගැනීමට නොහැකි වූ නිසා අපට ආනයනය කිරීමට සිදු විය. මෙහි මල් වල පෙති අඩු වූ අතර, හිරු එළියේ වියළන විට කිසිවක් ඉතිරි නොවනු ඇත. වියළීමෙන් පසු වර්ණය රඳවා ගැනීම සඳහා අපට වැඩි වර්ණක, වැඩි පෙති සහිත මලක් අවශ්‍ය විය."

පසුගිය වසර හත තුළ, සිං ගොවීන් සමඟ ප්‍රමාණය සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරමින් සිටී. ගොවීන් පස් දෙනෙකුගෙන් පටන් ගත් ඔහු දැන් රට පුරා ගොවීන් 600ක් සමඟ වැඩ කරයි. "පුහුණුව සහ තත්ත්ව පාලනය විශාලතම මෙහිදී ඇති අභියෝග" බව ඔහු පවසයි.

මල් නෙලීම මෙම  ක්‍රියාවලියේ ප්‍රධාන අංගයකි. එය ප්‍රධාන වශයෙන් කාන්තාවන් විසින් සිදු කරනු ලබන කාර්යයකි. 

"ඔවුන්ගේ දෑත් මෘදුයි, ශාකයට හානි නොකර සියුම් මල් නෙළන්නේ කෙසේදැයි ඔවුන් සහජයෙන්ම දනී. එබැවින්, නෙලීම සඳහා මල හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව කාන්තාවන් පුහුණු කරනු ලැබේ.
" සිං පවසයි. 

අස්වැන්න නෙලීමෙන් පසු, මල් වියළා ගත යුතු අතර, එයද ප්‍රවේශමෙන් කළ යුතුය. "මෙම මල වියළීම සඳහා උෂ්ණත්ව පාලනය පිළිබඳව දැන සිටීම  අතිශයින් වැදගත් වේ .

 එක් වැරැද්දක් කළහොත් ඔබට එහි වටිනාකම අහිමි වේ," ඔහු පවසයි. මල් තේ බවට පත් කිරීමට  පෙර ගොවීන් වියළීම සිදු කරයි, එහිදී තෙතමනය පරීක්ෂා කර තවදුරටත් වියළීම සිදු කෙරේ. "අපි දිගු කාලයක් ඉතා මෘදු උෂ්ණත්වයන් භාවිතා කරමු. තාපය අධික නම්, මල පිළිස්සෙන අතර ඔබට එහි ඖෂධීය ගුණය සහ වර්ණය නැති වේ," සිං පවසයි.

ඉන්දියානු ප්‍රජාවන් සඳහා, මල සැබෑ බලපෑමක් ඇති කර ඇත. "පසුගිය වසර කිහිපය තුළ, අවට ගම්මානවල බොහෝ දෙනෙක් මෙම වගාවට අප හා එක් වී ඇත," බිස්වාස් පවසයි. "මෙය තවදුරටත් ගොවිතැන පමණක් නොවේ - එය ජාලයක්, ප්‍රජාවක්, ව්‍යාපාරික පවුලක් බවට පත්ව ඇත."

BBC පුවත් ඇසුරෙන්.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........