‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Saturday, January 3, 2026

ගුජරාටයේ බානි තණබිම් හි සැරිසරණ ආලෝකධාරා




චීර් බට්ටි යනු ගුජරාටයේ රාන් ඔෆ් කච් හි බානි තණබිම්වල දක්නට ලැබෙන අද්භූත "ආලෝකයක " සංසිද්ධියකි.හින්දියෙන්   චිර්" යනු අවතාරයක් හෝ ආත්මයක් අදහස් කරන අතර "බට්ටි" යනු ආලෝකය අදහස් කරන අතර ඒ ඔස්සේ අත්භූත ආලෝකය යන අදහස දෙන චීර් බට්ටි යන පදය ගොඩ නැගී ඇත.

එහිදී පොලව මතුපිටින් හදිසියේම මතු වී වාතයේ පාවෙන දීප්තිමත් ගිනි බෝල ලෙස හඳුන්වන අතර , සාමාන්‍යයෙන් අවට භූමි ප්‍රදේශයට ඉහළින් අඩි 2 සිට 10 දක්වා එහිදී වර්ණවත් ආලෝක (සුදු, රතු, නිල්, කහ) පාවිමක්ලෙස දිස්වන අතර ඒවා අක්‍රමවත් ලෙස චලනය වේ.මෙම ආලෝකධාරා  සමහර විට තත්පර 5-10 ක කාලයක් පවතින අතර පාපන්දුවක්  ප්‍රමාණයට විශාල වේ. රතු, නිල්,කහ ආදී වශයෙන් වර්ණය වෙනස් වෙමින් ආලෝකය විහිදුවයි.

පරීක්ෂකයින්ට අනුව, බොහෝ විට වගුරු බිම්වල දිරාපත් වන කාබනික ද්‍රව්‍ය වලින් මීතේන්, පොස්ෆීන් සහ ඩයිපොස්පේන් වායූන් ස්වයංසිද්ධව දහනය වීම නිසා මෙම තත්වය ඇතිවේ. මෙම වායූන් වාතයේ ඔක්සිකරණය වී මෙම අද්භූත ආලෝක නිර්මාණය කරන බවයි.


දේශීය ජනප්‍රවාද සහ මිත්‍යා විශ්වාසයන්ට අනුව මේ ආත්ම සැරිසැරිමකි.එම ආලෝක ධාරාවන් අතරමං වූ සංචාරකයින් සඳහා මඟ පෙන්වන පහන් ලෙස සලකයි.සාමාන්‍යයෙන් අඳුරු රාත්‍රීවලදී, විශේෂයෙන් රාත්‍රී 8 න් පසු, සෘතුමය තෙත්බිම් වල මේ ආලෝකධාරා දක්නට ලැබේ.

මුලාශ්‍ර 
https://grokipedia.com/page/Chir_Batti
.
නිලක්ෂි බණ්ඩාර.
3/1/2026.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........