‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Tuesday, January 6, 2026

මුමුණන සිතුවිලි,




වෛද්‍ය ක්ලාරා බෙන්සන් වික්ටෝරියානු ආකෘතියට නිර්මාණය වූ ඇයගේ උපදේශන කටයුතු වලට භාවිතා කරන නව නිවාසයේ ඉදිරිපිට සිටගෙන සිටියාය. ගේට්ටුවේ මැකී යමින් පවතින පුවරුවේ විලෝ හෙවන් උපදේශන මධ්‍යස්ථානය නමින් සටහන් කර ඇති අතර එම නිවසේ අතීත උරුමයන් ගැන කියාපායි.ජනෙල් වල දුවිලි බැඳී අන්ධකාර ගතියක් තිබුණත් ක්ලාරාට දැනුණේ ඇයව එම නිවසට බැඳී ඇති බවකි.ඇයට නව නගරයක රැකියාවේ පුහුණුවකට ඒමට සිදුවීම ගැන සිතේ ඇතිවුන දැනුන අඳුරු හැඟීම සිතින් පහකරමින් ඇය නිවාසය දෙසට පිය නැගුවාය.

නිවාස ඇතුලට ගිය විගස ඇයට දැනුණේ නිවාසය හුස්ම ගන්නවා යන හැඟීමකි.ඇය අඩිය තබන පාසාම බිමට ඇතිරූ ලෑලි සෙලවී කිටි කිටි හඬ නැගුහ. බිත්තිවල පෙරදී සේයා රූ එලවා තිබූ තැන්වල දුර්වර්ණ පැල්ලම්ය. කාමරය අස්පස් කිරීමට පටන් ගත් ක්ලාරාට පොත් මේසයේ තිබීඅගුල් දැමු ලාච්චුවක් හමුවුනේ ඇයගේ සිත කුතුහලයට පත් කරමිනි.එය පිලිබඳ සොයා බැලීම ගැන ඇය පසුවට කල් දැම්මේ ඒ තුළ මෙම නිවසේ අඳුරු අතීතයේ සෙවණැලි එහි ඇති බව මොහොතකට වත් නොසිතමිනි.

ඇයගේ එම නිවසෙහි ගතවුණ මුල් රැයවැල් ගෙවුනේ ඇයගේ සිත අවිවේකිබවින් පුරවමින්ය.සිත නොසන්සුන් කරමින්ය.. ඇය නිරතුරුවම නිවසේ දෝංකාර දුන් හඬවල් වලින් තිගැස්සෙමින් අවදිවුනි.නමුත් ඇය ඒවා සිතේ ඇතිවන නොසන්සුන්කාරී හැඟීම් නිසා සිතේ මැවෙන හඬවල් යැයි සිතා මනසින් ඉවත දැමුවාය.නැතහොත් සුළං හඬ කියා සිතුවාය.මන්ද ඇය නව නිවසකට පැමිණියත් , එය වසර ගණනක් පැරණි නිවසක් වීමයි.

නාතන් වින්ටර් අගහරුවාදා දිනක මහා වැසි මැද ඔහුගේ අංකය ලබා ගැනීමට පැමිණියේය.ඔහු වයස තිහක් පමණ වූ, ඇස් වටා අඳුරු පැහයින් යුතු අලස බවක් පෙන්වූ උස පුද්ගලයෙකි . සම් රෙද්දෙන් ආවරණය කකළ ඇඳේ වාඩිවී සිටි ඔහු මට මෙතන ඉන්න බැහැ.මට අමුතු හැඟීමක් දැනෙනවා.කවුරුහරි මන් දිහා බලන් ඉන්නවා දැනෙනවා.නමුත් ඔහුගේ මුහුණ මට පෙනෙන් නැහැ.ඒත් මට දැනෙනවා යැයි පවසන්නට විය.ක්ලාරා සාවධානව අසා ගෙන සිටියාය.ඔහු පවසන දේ ඈ මැද වේගයකින්ඇ ඇගේ සටහන්ගේ පොතේ සටහන් කර ගත්තාය. ඉන්පසු "ඔයාට මේ හීනේ දැකලා කොච්චර කල්ද?" ඇය ඇසුවාය

එවිට නේතන් මදක් පැකිළුණු අතර මම කුඩා කාලයේ සිටම මාසයකට සැරයක් හෝ දෙසැරයක් මෙය මට දැනෙනවා . නමුත් ටික කලෙක ඉදලා දැන් මට දැනෙනවා වැඩි යයි පැවසුවේය.,

අපි මෝහනය කරලා බලමු.ක්ලාරා පැවසිය.ඔබ එයට කැමතිද ?

මම කැමතියි.මට අවශ්‍ය කොහොමහරි මේ තත්වෙන් මිදෙන්න.මෙය මගේ ජිවිතයටම ප්‍රශ්නයක් වෙලා යයි නේතන් පැවසුවේය.

ඉන්පසු නැවත දිනයක් දුන් ක්ලාරා නේතන් පැමිණි පසු ඔහුව මෝහන ක්‍රියාවලියට සුදානම් කර ඔහුව මෝහනයට පත් කළාය. ඉන්පසු ඔහුගේ මතකයන් ඔස්සේ ඔහුගේ අතීතයට ගමන් කිරීම ඇරඹීය. නමුත් ඒවා ගැඹුරට ගිය විට ඔහුගේ මතකයන් වඩාත් පැහැදිලි වන්නට විය. ඔහුට යන්තම් මතක නැති ළමා නිවසක් ගැන, මහා දවාලේ පවා ඔහු පසුපස එන සේ පෙනෙන සෙවනැල්ලක් ගැන ඔහු කතා කළේය.


ඒ අතරම ක්ලාරා ඔහුගේ අත්වල වෙව්ලීම සහ ඔහුගේ කටහඬ වෙව්ලන ආකාරය මනසේ  සටහන් කළාය. "මට මගේ මනසේ පාලනය නැති වෙනවා වගේ දැනෙනවා" ඔහු කිවේය..

එදින රාත්‍රියේදී ද දුටු සිනයකින් ක්ලාරාගේ නින්ද කැඩූණි. ඇය සිටියේ ඇගේ නව නිවසේ තිබූ කාමරයට සමාන මඳ ආලෝකයක් සහිත ශාලාවක ය. බිත්ති වලින් මුමුණන හඬ නැවත ඇසෙන්නට ගත්තේය.ඇය සිටියේ මදක් සිතල අඳුරුබර ස්ථානයකය.ඇය තම දෙපස හැරී බැලුවත් සෙවණැලි හැරෙන්නට අන් කිසිත් ඇයට දකින්නට ලැබුනේ නැත.

එකවර මතකයට ආ සිතුවිල්ලක් ඔස්සේ ක්ලාරා අගුලු ලා තිබුණු සේප්පුව ඇර බලන්නට සිතුවාය.අසලින් සොයා ගත් යකඩ කුරක ආධාරයෙන් ඇය දහදියෙන් පෙඟී ගිය දෑත් වලින් එය විවුර්ත කිරීම ඇරඹිය. ඇරුණු ලාච්චුවේ තිබී ඇය දැක්කේ කහපාට ෆයිල් කවරයකි.එය නිරීක්ෂණය කිරීමේදී එය පැරණි නඩුවක ලිපි ගොනුවක් බව ඇයට වැටහුණි.මෙම ලිපිගොනු අයත් වූයේ මීට වසර ගණනාවකට පෙර අභිරහස් ලෙස අතුරුදහන් වූ නිවසේ පෙර හිමිකරු සහ කීර්තිමත් චිකිත්සකවරියක වන වෛද්‍ය මාග්‍රට් හේල්ට ය. එහි තිබු එක් ලිපිගොනුවක්, විශේෂයෙන්, ක්ලාරාගේ ඇසට හසු විය - ඩැනියෙල් වින්ටර්ස් නම් රෝගියෙක්ගේ නමක් එහි සඳහන් විය.. එම නම ඇගේ කොඳු ඇට පෙළ වෙව්ලන්නට විය. මන්ද ඔහුටද තිබුනේ නේතන්ට වැළඳී ඇති රෝග ලක්ෂණමය.

ඔහුටද රෑට නින්ද නොයන අතර කිසිවකු ඔහුව ආමන්ත්‍රණය කරන හඬවල් සහ ඔහු දෙස බලා සිටින බව පවසා ඇති අතර එම හඬින් ඔහු එන තෙක් බලා සිටින බව පැවසීමයි. එම රෝග ලක්ෂණද විමර්ශනය කර ඇත්තේ වෛද්‍ය මාග්‍රට් හේල් විසින් වීම මෙම කාරණාවේ බරපතල කමයි.

එහි වඩාත්ම බරපතල කරුණ වුයේ ක්ලාරා සම්බන්ධය තේරුම් ගත්කලයි. ක්ලාරාගේ දෑත් වෙව්ලන්නට විය. නේතන් වින්ටර්ස් යනු ඩැනියෙල්ගේ පුත්‍රයාය.

නේතන්ට සත්‍ය හෙළිදරව් කිරීමට හිතට ගිවිසගත් ක්ලාරා නේතන් හා විපරම් සැසියක් ලැස්ති කළාය.ඇය ඔහුගෙන් පියා ගැන විමසු විට ඔහුගේ ප්‍රතිචාරය වුයේ තාත්තා ඔහුගේ කුඩා කාලය ගැන කිසිවක්ම මට කියලා නැහැ.මට වයස 10 දී ඔහු මිය ගියා යන්නයි. ඇය සොයා ගත් කරුණු ප්‍රතික්ෂේප කරන බව ඔහුගේ මුහුණේ ඉරියව් වලින් හොදින්ම පෙනෙන්නට තිබුණි.

නමුදු දිනෙන් දින සිදු කල හමුවීම් සැසි වල ප්‍රගතිය දියුණු විය.ඉන් පසු ක්ලාරා විසින් නේතන්ට ඔහුගේ පියාගේ ව්‍යාකූලත්වය පිළිබඳ යටපත් කළ මතකයන් සහ මුහුණක් දකින්නට නැති චරිතය සමඟ නෙතන්ගේ හමුවීම් හරහා ඔහුට මඟ පෙන්වීය.

නිවස ඔවුන්ගේ සැසිවාර දෙස බලා, සවන් දෙමින් සහ ප්‍රතිචාර දක්වන බව ක්ලාරාට දැනෙන්නට විය.එක් සන්ධ්‍යාවක, ලිපිගොනු සමාලෝචනය කරන අතරතුර, ක්ලාරා පැරණි ටේප් රෙකෝඩරයක් සහිත මේසයේ සැඟවුණු රහස් ලාච්චුවක් සොයා ගත්තාය. . එහි ඩැනියෙල් සමඟ ඩොක්ටර් හේල්ගේ අවසන් සැසියේ සිසිල් පටිගත කිරීමක් විය. "නිවස වේදනාවෙන් පෝෂණය වේ," වෛද්‍ය හේල්ගේ කටහඬ කීවේය. එය දුර්වල මනසක් ඇත්තන්ගේ මනසේ දෝංකාරය මතින් පෝෂණය වන බැවින් දුර්වල සිත් ඇත්තන් ප්‍රවේශම් වන්න ... නැතහොත් එය ඔබවද ඔහු වෙත කැඳවා ගෙන යයි ලෙසින් අවසන් විය.

ඔවුන්ගේ අවසාන සැසියේදී, නේතන් ඔහුගේ මනසෙහි ඇතිවන මුහුණ නැති රූපයට මුහුණ දුන්නේය. ඉන්පසු ක්ලාරාගේ මඟ පෙන්වීම යටතේ, ඔහු තම පියා විසින් කුඩා කල සිට පැරණි වික්ටෝරියානු නිවසට රැගෙන යාමේ යටපත් වූ මතකයක් විස්තර කළේය. "පියා විසින් මට යමක් පෙන්විය යුතු බව ඔහු කිව්වා.," නේතන් සිහිපත් කළේය. "ඒත් මට මතක ඔහු කෑ ගැහුවා විතරයි."


නේතන්ගේ මතකයන් යලිත් මතුවෙද්දී ක්ලාරාට කාමරයේ කොනක විවිධ සෙවණැලි ගමන් කරනු දකින්නට ලැබුණි. කෙමෙන් කෙමෙන් කාමරයේ පවතී උෂ්ණත්වය පහත වැටුණු අතර, කටහඬවල් වැඩි විය. ඇයගේ සිතේ ධෛර්යය නගා සිටුවා ගනිමින් , ක්ලාරා නේතන්ව රූපගත කිරීමේ අභ්‍යාසයක් හරහා එම රූපයට මුහුණ දීමට සහ එම රුව නෙතන්ගේ මනසින් ඉවත් කිරීමට සිත සහ උපක්‍රම යෙදිය. අවසානයේදී නෙතන්ගේ සිතුවිලි තුළ තිබු එම බාහිර බලපෑම ඔහුගේ මනසින් ඉවත් කිරීමට ඔවුන්ට හැකි විය.

එම සැසිය අවසන්ව පැමිණි ක්ලාරාට නිවස තුළ  ඇති සංසුන් සහ නිස්කලංක බව පළමු වරට
හැඟුණි.




No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........