ඉන්දීය සිනමාවේ දිදුලන ඉතිහාසය දෙස බලන විට බොහෝ විට කෙනෙකුගේ උරුමය තීරණය වන්නේ සංඛ්‍යාලේඛන මත ය. අසාර්ථක චිත්‍රපට පෙළක් නිසා වෘත්තීය ජීවිතයක් අවසන් වුවත් , සාර්ථක චිත්‍රපට කිහිපයක් නිසා එය සදාකාලික විය හැකිය. කෙසේ වෙතත්, මෙම සාමාන්‍ය මිනුම් දඬුවලට වඩා ප්‍රමුඛව දක්නට ලැබෙන , සිනමාවේ සාමාන්‍ය නීතිරීතිවලට සහ මිනුම් දඬුවලට අභියෝග කළ සුවිශේෂී තරුවක් සිටී. ඒ මිතුන් චක්‍රවර්තී ය.
මොහු සම්බන්ධව ලෝක සිනමාවේම කාගේත් අවධානය දිනාගත්, ප්‍රේක්ෂකයන්ව මවිතයට පත් කරවන නිල වාර්තාවක් තබා ඇත. එනම් මිතුන් චක්‍රවර්තී බොක්ස් ඔෆිස් හි රඟපෑ චරිත තුළින් අසාර්ථක වූ සහ වාණිජමය වශයෙන් අසාර්ථක වූ චිත්‍රපට 180කට වඩා වැඩි ගණනක ප්‍රධාන චරිත නිරූපණය කර ඇත. මෙම චිත්‍රපට සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය වුයේ 1990 දශකයේදී ය. එම දශකය තුළ මිතුන් කිසිදා නොවූ විරූ අයුරින් අඛණ්ඩව චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ යෙදුනි.
මෙම කාල වකවානුව තුළ මිතුන් සිය නිර්මාණකරණය වෙනුවෙන් ගොඩ නැගූ සිනමා මධ්‍යස්ථානය ඌටි වෙත මාරු කළ අතර, එය ස්වයංපෝෂිත කුඩා කර්මාන්තයක් බවට පත් කළේය. ඔහු සිතාගත නොහැකි වේගයකින් චිත්‍රපට සඳහා අත්සන් තැබූ අතර, සමහර අවස්ථාවලදී අඩු වියදමකින් නිශ්පාදනය කළ හැකි, පොදු ජනතාව ඉලක්ක කරගත් ක්‍රියාදාම චිත්‍රපට කිහිපයකටම එකවර රංගනයෙන් දායක විය.
වියදම් අවම කර ගැනීම සඳහා ඔහු ඌටි හි හෝටලයක් පවා මිලදී ගත් අතර, එහි රංගන ශිල්පීන් සහ කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් නවාතැන් ගත්හ. මෙම චිත්‍රපට වල බොහෝ විට තේමාවන් වූයේ පළිගැනීම , නීතිය ඉදිරියේ සිදු කරන එරෙහි වීම්, අසාධාරණ යට ලක්වන මිනිසුන් උදෙසා පෙනී සිටීම් වැනි තේමාවන් ය. මෙම චිත්‍රපට ඉතා ඉක්මනින් නිෂ්පාදනය කර, අඩු වියදමකින් බෙදා හැර, ඉන්දියාවේ ග්‍රාමීය සහ නාගරික නොවන ප්‍රදේශවල තනි තිර සිනමාහල් ඉලක්ක කර ගනිමින් ප්‍රදර්ශනය කෙරිණි. ඉන් බහුතරයක් ආදායම් වාර්තා තැබීමට හෝ විචාරක පැසසුමට ලක්වීමට අපොහොසත් වුවද, චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නිකුත් වීම හේතුවෙන් ඔහුගේ නම සිනමාහල් නාමපුවරුවල සදාකාලිකව සටහන් විය.
සාමාන්‍ය සිනමා කර්මාන්තයේ ස්වභාවය අනුව, මෙවැනි අසාර්ථක වීම් ප්‍රතිශතයකින් සුළු ප්‍රමාණයක් වුවද ප්‍රධාන නළුවෙකුගේ වෘත්තීය ජීවිතය විනාශ කිරීමට ප්‍රමාණවත්ය. කෙසේ වුවත් , මිතුන්ගේ චිත්‍රපට ලොව පවත්වා ගෙන ආ තරු ගුණය ආරක්ෂා වූයේ ඔහුගේ අතීත ජනප්‍රියත්වය, බිම් මට්ටමේ තිබූ අසමසම ආකර්ෂණය සහ විශිෂ්ට ව්‍යාපාරික ආකෘතිය හේතුවෙනි. ඌටි කේන්ද්‍ර කරගත් චිත්‍රපට, ප්‍රධාන පෙළේ මාධ්‍ය මඟින් අසාර්ථක ලෙස හැඳින්වුවද, ඒවා ඉතා පිරිමැසුම්දායක ලෙස නිෂ්පාදනය කර තිබූ බැවින් බෙදාහරින්නන්ට විශාල පාඩු සිදු නොවීය. සිනමාහල් පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව චිත්‍රපට අවශ්‍ය වූ කුඩා නගරවල සිනමාහල් හිමියන්ට ඒවා ආරක්ෂිත මෙන්ම වාසිදායක ආයෝජනයක් විය.
වඩාත්ම වැදගත් කරුණ නම් 90 දශකයේ මෙම රැල්ලට බොහෝ කලකට පෙර මිතුන්ගේ සුපිරි තරුවක් ලෙස පැවති අනන්‍යතාවය ස්ථාවර කරතිබීමයි. ඔහු දුෂිත ක්‍රමවේදයට එරෙහිව සටන් කරන පීඩිත ජනතාව නියෝජනය කරමින්, නැගී ආ පොදු ජනතාවගේ සැබෑ වීරයා බවට පත්ව සිටියේය. ඔහුගේ සැබෑ ජීවිතයේ චාම් බව, අව්‍යාජ බව සහ දුප්පත්කමින් නැගී ආ ජීවිත කතාව ඉන්දියානු කම්කරු පන්තිය සමඟ තිබූ බැඳීම තවත් දැඩි කළේය.
මිතුන් චක්‍රවර්තීගේ වර්ධනය සහ ජනප්‍රියතාවය පිලිබඳ දෙස 1990 දශකයේ බී-ගණයේ (B-grade) චිත්‍රපට තුළින් පමණක් සංසන්ධනය කිරීම ඔහුගේ කලාත්මක ජිවිතයේ වටිනාකම සම්පූර්ණයෙන්ම වැරදියට වටහා ගැනීමකි. 1982 දී ඔහු ඩිස්කෝ ඩන්සර් (Disco Dancer) නම් අතිදැවැන්ත චිත්‍රපටයට රංගනයෙන් දායක වූ අතර මෙම චිත්‍රපටය ඉන්දියානු බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමුවා පමණක් නොව, ගෝලීය සංස්කෘතික සංසිද්ධියක් බවට ද පත් විය.
බප්පි ලහිරිගේ විද්‍යුත් සංගීතයෙන් ඔපවත් වූ මිතුන්ගේ රංගන ජීවිතය සෝවියට් රුසියාව , මැදපෙරදිග, අප්‍රිකාවේ සමහර ප්‍රදේශ සහ චීනය පුරා එක රැයකින් අතිශය ජනප්‍රිය තරුවක් බවට පත් විය. ගෝලීය මට්ටමින් බොලිවුඩ් නැටුම් සහ සංගීතය පිළිබඳ ආකල්පය වෙනස් කරමින්, විදේශයන්හි දැවැන්ත රසික පිරිසක් දිනාගත් සීමිත ඉන්දීය නළුවන් කිහිප දෙනාගෙන් කෙනෙකු ලෙස ඔහු තවමත් පසුවේ.
ඔහු ඉන්දීය සිනමාවට සුවිශේෂී රිද්මයක් ගෙන ආවේය. ඔහු විශිෂ්ට ජාතික සම්මානලාභියෙකු මෙන්ම සිනමාහල්වල ඉදිරි පෙළ අසුන් ගන්නා ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වූ බොලිවුඩ් සිනමාවේ අවිවාදිත සක්විති රජු ද විය."
ඒ අතරම, මිතුන් යනු ඉන්දියාවේ ඉහළම සිනමා බලධාරීන් විසින් පිළිගත් අසාමාන්‍ය කලාත්මක කුසලතාවලින් හෙබි නළුවෙකි. ඔහු 1976 වසරේ තිරගත වූ මෘණාල් සෙන්ගේ ම්රිගයා (Mrigayaa) නම් විශිෂ්ට චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අතර, එහිදී හොඳම නළුවා සඳහා වන සිය ප්‍රථම ජාතික චිත්‍රපට සම්මානය දිනා ගත්තේය. ඉන්පසුව ඔහු බුද්ධදේව් දාස්ගුප්තා විසින්1992 දී නිශ්පාදනය කල තහඩර් කතා (Tahader Katha ) සහ ජී. වී. අයියර් විසින් 1998 නිශ්පාදිත ස්වාමි විවේකානන්ද (Swami Vivekananda) යන චිත්‍රපට සඳහා තවත් ජාතික සම්මාන දෙකක් දිනා ගත්තේය.
මෙයින් සනාථ වන්නේ වාණිජමය චිත්‍රපටවල කාර්යබහුලව සිටි කාලයේදී පවා ඔහුගේ රංගන ප්‍රතිභාව කිසිසේත් අඩු නොවූ බවයි. ඔහු කැපවීම, නොසැලෙන උත්සාහය සහ බහුවිධ යන කුසලතා සංකේතයක් ලෙස නැගී සිටියි. උදෑසන කාලයේ කලාත්මක සිනමා නිර්මාණයක විශිෂ්ට රංගනයක නිරත වීමටත්, සවස් කාලයේ ක්‍රියාදාම චිත්‍රපටයක රඟපෑමටත් ඔහුට එකලෙස හැකියාව තිබුණි.
අවසාන වශයෙන්, ඔහුගේ අසාර්ථක වූ චිත්‍රපට 180 දෙස බලන කළ , ඒ ඔහුගේ අදක්ෂකම නොව, ඔහුගේ නොසැලෙන ශ්‍රම ශක්තිය සහ බොලිවුඩ් ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් පිළිබඳ සාක්ෂියකි. ඔහු ආදරණීය ප්‍රතිමූර්තියක්,වන අතර , සදාකාලික සුපිරි තරුවකි.


No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........