‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Saturday, January 13, 2018

සොභාදම

 සොභාදම
ඉරි තැලුන බිම
නියර උඩ මොහොතකට
හෙලා නෙත් විපරම් කර
පච්ච පැහැ දල්ලක් දකින්නට
වෙල් යායේ කොණක
බන්ඩි ගොයමේ සිසිල
විඳින්නට ආයෙමත්
ගමට ආපසු නැවත
මිටියාවත අභියස
ලා නිල්ල වැතිරුණ
හුස්මක් ගන්න වත්
පපුව පුරවා
නැහැ නිල්ල වෙල් සිසිල
ඇඟේ ඇවිදින් වදින

දැක්ම

දැක්ම

කුසට බත් මිටක් නැතිව
පාන් කෑල්ලකින් කුසගිනි නිවා
කහට තේ වතුර බී
මැණික් ආකර පත්ලේ
දිවි පරදුවට තබා
දා බිදු ‍‍‍‍‍‍‍හෙලන
සහෝදර ඔබ සොයන
මිණ කැට
ලිස්සා යයි
බයර්ගේ සාක්කුවට.
දේශයේ අමිල සම්පත
ඇදි යයි පරතෙරට
අද මෙන් හෙට දිනක්
ඔබ හෙලන දා බිංදු
එක් වනු ඇත
පතල ගැඹුරටම
පය තබනු මැන...
නැණ නුවණ ලබා
නව ලොවකට....
සමන් ගිර දෙස බලා

Thursday, September 28, 2017

පිදෙමි සමන් කැකුළක් වී මුනිඳුට

පිදෙමි සමන් කැකුළක් වී මුනිඳුට
*****************************
මඳ අදුරෙහි ගසමින් නෙක......... . කරණම්
දස'තම කිචි බිචි පතුරත..................විහිගුම්
බටිති මලිති රඟ රස විඳි................මනරම් 
බඩ වැටියෙහි වන කුමරිය......... .මම වෙම්.


සද පිබිදෙන රෑ තරු................ගනිමින්නේ
කඩුපුලියගෙ ඉඟි බිඟි..............බලමින්නේ
නිල් දිය මතු පිට පියවර............. මැන්නේ
මා කොඳ කුමරිය සඳ යට..............පින්නේ

සපු සල් නා මල් සුවද.......................ගලද්දී
වන දෙව් කුමරියො ඉන් මත්............ වෙද්දී
පෑයූ පුන් සද කොමළ.......................කරද්දී
මම වෙමි සල් මල සුලඟෙහි............... පැද්දී

හෙමින් හෙමින් මඳ නළ හමනා............ විට
පහන් දැල්ල රඟ දෙනවා පිට..................පිට
මනස එකළු කරගෙන.............. එකලසකට
පිදෙමි සමන් කැකුළක් වී.................. මුනිඳුට

x