‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Sunday, January 14, 2018

තනි වූ නුඹට





පුංචි වී පඳුර මත
දුර ඈත බලා ගෙන
කැදැල්ලක් හදන්නද
කිරිල්ලක් ගෙනෙන්නද

මවුපියන් හැර දමා
දුර ඈත  ඉගිලීද
වර්ධනය ගිල ගෙනද
නුඹ හිටපු වන පියස ?

නිල් වියන වියළිලා
ගෙවතු කෙත් ඉදි වෙලා
නෑ සියන් නුඹ දමා
පියඹලා ගිහිල්ලා

පුංචි නිල් තටු සලා
ගයාපන් ගීතයක්
ඊයේ මෙන් අද උදෙත්
ජනේලය අසල හිඳ

මගේ තනිය මකන්නට
එකම එක ගීතයක්
නුඹේ රසබර හඬින්
ගයාපන් ප්‍රිය මිතුර

Saturday, January 13, 2018

English Version of කඳුල ඉතින් සමාවෙයන් - කිර්ති පැස්කුවල් මහතා

English Version of 

කඳුල ඉතින් සමාවෙයන් - කිර්ති පැස්කුවල් මහතා


please forgive me dear tear drop
Let's depart tomorrow evening
She'll come to my little huts
to chase the loneliness of my bed
Don't flood dark clouds over
the river in the evening
The wattle and daub house ground
will be destroyed
Reach the moon light to bed hills over
to see her charming s beauty
The flowers will bloom ,
the path to welcome her
Smile of her face will arise
prettier than the flowers.
Smell of an infant comes through
the door step
dear cloud... let to bloom
my Dream Flowers

ගීත ගොවින්දය

ගීත ගොවින්දය


ජයදෙවගේ ගීත ගෝවින්දය වෙනස්ම ආකාරයක සාහිත්‍ය කෘතියකි.දොළොස් වන සියවසේදී  බෙංගාලයේ දී රචිත මෙම කෘතිය  ගායනය සඳහා ලියන ලද නෘත්‍යයමය භාව ගීතයකි.එහි කෘෂ්ණ ,රාධා හා ගොපිකාවන අතර වූ ප්‍රේමය විස්තර වේ. මෙම කාව්‍ය අද පවා බෙංගාලයේ වෛෂ්ණව නිකායඛයින් විසින්
උත්සව අවස්තාවලදී  ගායනා කරයි.මෙය පිටු 388 කින් යුක්ත වන අතර විෂ්ණු දෙවියන්ගේ දසවතරයන් වලට කරන රමණිය පුජවකින් ආරම්භ වුවද බටහිර සිතට නම් එය දනවනුයේ ආගමික හැඟීමකට වඩා සරාගී ගෘන්ගාරාත්මක හැඟීමකි.
සෙසු සියලුම සම්මාන සංස්කෘතික කාව්‍යන් ට වඩා ගොවින්දය එළිසමයෙන් යුක්ත කෘතියකි.සෑම භාවගිතයක්ම ඊටම ආවේනික    වූ සංස්කෘතියට උරුම හුරු වූ කිසියම් වෘතියකින් ආරම්භ වේ,මෙය ප්‍රාදේශික සාහිත්‍යවල පදය කෘතිය කෙරේ නැඹුරු වුවකි.සෑම අවසාන පද්‍යයක් අවසානයේම කවියාගේ නම සඳහන්
වේ.මෙහි පරිවර්තනය කර ඇති පදය රාධාගේ වියෝවූ කෘෂ්නගේ හදවතේ ඇති වූ විරහා ප්‍රේමය දක්වන්නකි. මධුසුදන ( මධු යනු කෘෂ්ණ විසින් මරණ ලද අසුරයෙකි.හා , හරි යනු කෘෂ්ණ දෙවියාට ඇති තවත් නමකි,.

"මා මෙහි වෙසෙමි
රාධා වෙත යන්න .
මා පණිවිඩය දී ඇය සනහා මා වෙතට ගෙනෙන්න.
මෙසේ මධුසුදන ඇය මිතුරියට යෙදවී.
ඇය රාධා වෙත ගොස් මෙසේ කියූ.

" දකුණු කඳුකරයෙන් සුළඟ හමා
ඒ හා කෑම දෙවියා රැගෙන එන ,
විරහපත් පෙම්වතුන්ගේ හද විවරණය කරන සේ
බොහෝ මල් කැන්  පිබිදෙත,
ඔහු ,
තම වන මල් මාලාවෙන් සැරසු ඔබ ගෙන්
වියෝ වී දුක් වෙයි.
"
සිත රැස් ඇති සඳද ඔහුට ගිණි සේය.
ඔහු මල සේය
අනඟ හි පහර වැද
ඔහු බෙහෙවින් වැලපී
ඔහු
තම මල් මාලාවෙන්  .........

මි මැසි පොදී මුමුණත
ඔහු කන් තදින් වසා ගනී.
විරහයෙන් ඔහුගේ හද දැඩි වී ඇත.
රෑ දවස උණෙන් ගෙවන
ඔහු
තම වන මල් මාලවෙන්.....

"සිය සොඳුර නිවාස ඇත හැර
ඔහු මහා වන මැද වසයි.
නින්දෙන් ඔහු පොලවේ පෙරළෙයි.
ඔබ නම නිතර විමසයි,.
ඔහු
තම වන  මල් මාලාවෙන්

" ජයදේව කවියා
මේ භක්ති විස්තරයෙන්
විරහපත් පෙම්වතා ගේ තතු ගයත,
හරි දැඩි සේ හදවත් හි නගිවා
ඔහු
තම වන මල් මාලාවෙන් සැරසු ඔබ ගෙන් වියෝවී දුක් වෙයි...

පිළිකා සෛල නසන පුදුමකාර ඖෂධය

සින්තියා ජයසුරිය නැමති  පිළිකා රෝගයකින්  පෙළුනු ශ්‍රී ලංකික වෛද්‍යවරිය විසින් ලියන  ලද  2011 වසරෙහි  sunday observer” පුවත්පතෙහි “News Features”  පිටුවෙහි පළවූ “ My Wonder Drug For Cancer” නැමති ලිපියෙහි මා සිදු කළ පරිවර්තනය ඇසුරින් ඔබ  දැනුමත් කිරීම  සඳහා  සකස්  කරන  ලද ලිපියකි.
සින්තියා ජයසුරිය වෛද්‍යවරිය ව පිළිකාවකින් පෙළුන  අතර  වකුගඩුවෙන් කොටසක්  ශල්‍යකර්මයකින් ඉවත්  කර  ,වසර  7කට පසු තවත් ශල්‍යකර්මයකට සුදානම්ව සිටියාය.මේ  කාලය  තුල ඇය විකිරණ  ප්‍රතිකාර ලබාගත්  අතර  වාර්ෂිකව පරීක්ෂණ  වලට  භාජනය  කරන ලදී.
සත්  වන  වසරේදී මුත්‍රාශයේද පිළිකාවක්  වැඩෙමින් පවතින  බව අනාවරණය විය.එයද ඉවත්  කර සුවය  ලබමින්  සිටින  අතර  ... ඇප්රිකට් (apricat) නම්  පලතුරෙහි මදය කෑමට ගැනීමෙන් පිළිකා  සුව  වන  බවත් , ඕස්ට්‍රෙලියාවේ, ඇමෙරිකා එක්සත්  ජනපදයේ මෙම  පළතුර පාවිච්චියට  ගන්නා  බවත් ඇය වෙබ් අඩවියක  දුටුවාය .
B 17 නමැති  විටමින් වර්ගය ඇප්‍රිකට් මදයෙහි අඩංගු  වේ.මෙය  සොයා  ගන්නා  ලද්දේ ඇෆ්ගනිස්ථානයෙහි දුරස්ථ ප්‍රදේශයක සේවය  කළ බ්‍රිතාන්‍ය  ජාතික වෛද්‍යවරයකු ව විසිනි. එම  ප්‍රදේශයෙහි මිනිසුන් ඇප්‍රිකට් මදය මෙන්ම ඇටද  ආහාරයට ගත්  අතර ඔවුන් අතර  පිළිකා දක්නට නොලැබුණි . මෙම  පරීක්ෂණයේදී සොයා  ගත් විටමින්  වර්ගය  B17 යනුවෙන්  නම්  කරන ලදී.
මේ  පුවත  පිලිබඳ  දැන ගත් B17 විටමිනය  අඩංගු  වෙනත්  ආහාර  වර්ග   පිළිබඳව   සොයා  බැලුවාය . මයියොක්කා අල  වල b 17  විශාල ලෙස  අන්තර්ගත  වන  බව  හෙළි  විය . ඇය මයියොක්කා  ග්‍රෑම්10 බැගින්  දිනකට  3න්  වරක්  මාසයක්  පුරාවට  අහාරයට  ගත්තාය . මාසයකට  පසු කොළඹ  මහා  රෝහලේදී  මුත්‍රාශය  පිළිබඳව  කළ [පරීක්ෂණයේදී  හෙළි  වුයේ  මුත්‍රාශය  , පිරිසිදු  සහ  පැහැදිලි  තත්වයේ පවතින  බවත් , තව දුරටත්  පටක  විශ්ලේෂණය  ( Biopsy )කිරීම අනවශ්‍ය  බවත්ය .

නිහඬ රැයක

 නිහඬ රැයක


නිහඬ රැයක
වා මඬල
මැදින්
ගලා එන
පළගැටි හඬ
මකයි මැදියමේ
නිහඬතාවය...
නිදිබර දෙනෙතින්
බලා හිඳිනෙමි
තිබේදෝ තරු
රටාවක්
ඈත අහසේ
දිලෙන තරු
අතර

Adventure of 3 Friends



Adventure of 3 Friends


 It was one Sunday evening during the school holidays in august. I had a walk with my friends Sanju and Yasith along the village sandy road after bathing in the river. The road was heading towards Delgoda River. My two friends, Yasith and Sanju live in Moratuwa town and they had come to our place to spend the vacation. They love the life  in village and to bathe in the river.
On our way to the river we could see a huge dilapidated bungalow that was located approximately half a kilometer away from our house. It was situated in a steep land opposite the river. When we were passing the bungalow Yasith took a look at it with curiosity. When we were coming back he asked:
                Nipun …. Who is the owner of this bungalow?
                Why……. Are you afraid to look at the house?
                No……..It has a mysterious look and It’s like a haunted house.
                Yes…You are correct .villagers have a  lot of rumors to tell about this house.
Tell me …... I would like to hear them very much. It’ll be a new adventure for our vacation.
                “The heir of the house is from a noble family of the area. The owner, Dasanayake Mudali died five years ago and his son left to England with his family members a few years afterwards. No one comes to live there. Ever since, the family servant Jemis lives there alone.  Now Mudali walawwa is deserted.  Old Jemis is looking after the place just like a cobra protecting a treasure.
                “Ah… why is that? Why does he try to protect this bungalow? Asked Sanju with amazement.
Some say, there is a treasure hidden there…
Some others say that a strange noise can be heard from within that house in some nights. The noise is something similar to the howling of a devil bird (Ulama).
When some people were passing by this way at night, they had seen some kind of lights moving here and there. Then they had got afraid and have received treatment from the village exorcist.              
Some people had seen a ghostly figure of a gentleman with a white hat walking in the garden. This figure is said to have been seen haunting during the full moon nights.
Oh…. Nipun that’s a nice story. I’d like to see this ghostly figure.  I think there is something weird behind these incidents.
Yes Yasith I like to observe this house and discover the truth. I don’t believe ghosts or demons. Sanju accepted Yasiths’ proposal too quickly.
On the next morning, we went to the bungalow and talked to Jemis. He knows me well. Because my father is the post master of our village.
Oh… punchi mahaththaya: why are you here? Do you want any help from me? Yes Jemis uncle. We want to get some information’ from you. These are my friends Yasith and Sanju. They are studying with me at Royal College.
Oh…. Jemis opened the gate and invited us to come inside the garden. We sat on a bench under a mango tree. Then we started our chat. Jemis uncle …. Villagers are telling that there are strange noises in this area and some ghostly figure is haunting in the garden.  They have also seen some lights moving. Is that true?
Jemis was silent for a moment and answered.
……… Yes punchi mahaththaya. The shadows of dead inheritance are still staying here.Specially Mudali Hamu is coming on full moon nights. I have seen him several times.
Are you afraid…? Sanju asked.
No he doesn’t do me any harm. I’m their faithful servant from my childhood. My father also worked here.
Shall we see the inside of the bungalow? Yasith asked.
Sorry baby. I’ cannot let anyone into the house when the owners are away. They don’t like any visitors here….
We looked at each other with suspicion.  We got up and said, O.K. uncle we are going now. Then, he gave us some ripe mangoes with a smiling face and we thanked and left the house.
The Esala full moon poya day was to come in the next week and we chose the poyaday for our investigation. We secretly approached the walawwa as we decided and planned in the previous few days at around 11.30 in the night without letting Jamis know of our arrival. We climbed on to the sunshade and stayed hidden. We could see the rare door of the kitchen and up stair easily.
At midnight, Jamis was seen opening the rear door. He was wearing a weird white hat. He came out and blew a whistle with his mouth that had a creepy sound to it. He whistled several times and walked around the garden.
We got down from the sun shade and remained seated in the kitchen until Jamis came. Several minutes later, he came back to the kitchen. Then Yasith spoke up, Hello Jamis uncle! you are the ghost Right? You acted your role very well.  But you couldn’t cheat or scare us.
He was shaking with fear. Oh… punchi mahattaya…He drank some water and started talking.
There are many antiques, old coins and luxurious furniture in this house. I can’t protect them from thieves. So I do this act. After that he implored to us.......”please don’t tell anyone in the village about this act. We promised him not to share our discovery with anyone. We came back home. We didn’t tell our discovery with anyone. Because Jamis is innocent. It’s an unforgettable day in our lives.

සොභාදම

 සොභාදම
ඉරි තැලුන බිම
නියර උඩ මොහොතකට
හෙලා නෙත් විපරම් කර
පච්ච පැහැ දල්ලක් දකින්නට
වෙල් යායේ කොණක
බන්ඩි ගොයමේ සිසිල
විඳින්නට ආයෙමත්
ගමට ආපසු නැවත
මිටියාවත අභියස
ලා නිල්ල වැතිරුණ
හුස්මක් ගන්න වත්
පපුව පුරවා
නැහැ නිල්ල වෙල් සිසිල
ඇඟේ ඇවිදින් වදින

දැක්ම

දැක්ම

කුසට බත් මිටක් නැතිව
පාන් කෑල්ලකින් කුසගිනි නිවා
කහට තේ වතුර බී
මැණික් ආකර පත්ලේ
දිවි පරදුවට තබා
දා බිදු ‍‍‍‍‍‍‍හෙලන
සහෝදර ඔබ සොයන
මිණ කැට
ලිස්සා යයි
බයර්ගේ සාක්කුවට.
දේශයේ අමිල සම්පත
ඇදි යයි පරතෙරට
අද මෙන් හෙට දිනක්
ඔබ හෙලන දා බිංදු
එක් වනු ඇත
පතල ගැඹුරටම
පය තබනු මැන...
නැණ නුවණ ලබා
නව ලොවකට....
සමන් ගිර දෙස බලා