පෞරාණික මධ්‍යතන යුගයේ පෙරදිග ආභරණ නිෂ්පාදනය, මානව කලාත්මක ප්රකාශනයේ වඩාත්ම කැපී පෙනෙන පරිච්ඡේදයක් නියෝජනය කරයි. මෙසපොතේමියාව, පර්සියාව, මධ්‍යම ආසියාවේ සිට චීනය සහ ඊජිප්තුව දක්වා වූ කලාප පුරා පැතිරුණු පෙරදිග රන්කරණය සහ මැණික් කැටයම් සම්ප්‍රදායන්, සහස්ර ගණනාවක් පුරා ලෝක සංස්කෘතිය හැඩගැස්වූ තාක්ෂණික හා සෞන්දර්යාත්මක පදනමක් සපයන ලදී.
පෞරාණික යුගයේදී (granulation), සූක්ෂ්මව නිර්මාණය කල තන්තු කැටයම් (filigree), සහ (cloisone) වැනි ලෝහ ශිල්පක්රම නූතන ලෝකය පවා අභිබවා යන මට්ටමේ විශිෂ්ටත්වයකට ළඟා විය.එම නිර්මාණ ශිල්පීන් රන්, රිදී මෙන්ම ලැපිස් ලාසුලි, කාර්නීලියන්, ඇගස්ට් සහ ටර්කොයිස් වැනි අර්ධ මැණික් වර්ග බහුලව භාවිත කළහ.
මෙම නිර්මාණ ඔවුන්ගේ ගැඹුරු සංකේතාත්මක වටිනාකමකින් ද , ආගමික සහ දේශපාලනික වැදගත්කමකින් ද යුක්ත විය. රජවරුන්, පූජකයන් සහ ප්‍රභූන් විසින් දේවත්වයේ බලය පෙන්වීමට, මරණින් මතු ජීවිතයේ ආරක්ෂාවට සහ සමාජ තත්ත්වය සංකේතවත් කිරීමට සංකීර්ණ ඔටුනු, යන්ත්‍ර, මුද්‍රා මුදු සහ උරපට පැළඳ සිටියහ.
මධ්‍යතන යුගයේදී, විශේෂයෙන්ම සේද මාවත ඔස්සේ සිදු වූ වෙළඳ ජාලයන්ගේ ව්‍යාප්තියත් සමඟ, ආභරණ විලාසිතා සහ නිෂ්පාදන ක්‍රමවේදවල දැවැන්ත අන්තර්-සංස්කෘතික හුවමාරුවක් සිදු විය. සංචාරක ගෝත්‍රිකයන්ගේ සත්ව රූප මෝස්තර, පර්සියානු ලෝහ ශිල්ප සම්ප්‍රදායන් සහ සංකීර්ණ ඉස්ලාමීය ජ්‍යාමිතික හා අක්ෂර රටා එකිනෙක මුසු විය. කරාබු, වළලු සහ පටි තහඩු වැනි පුද්ගලික අභරණවලට අමතරව, මංගලික පාත්‍ර, මැණික් එබ්බවූ කඩු සහ අලංකාර පෙට්ටි නිර්මාණය කිරීමට ද එකල රන්කරුවෝ පෙළඹුණහ.
අද වන විට, රාජ්‍ය අර්මිටේජ් කෞතුකාගාරයේ (State Hermitage Museum) විශේෂ භාණ්ඩාගාරයේ තැන්පත් කර ඇති එකතු වැනි සංරක්ෂිත කලාකෘති, වටිනා ඓතිහාසික සාක්ෂි ලෙස පවතී. පෞරාණික හා මධ්‍යතන යුගයේ පෙරදිග රන්කරුවන් තාක්ෂණික නිපුණතාව සහ සංස්කෘතික සංකේතවේදය එකට එකතු කරමින් අතිවිශිෂ්ට නිර්මාණ බිහි කළ ආකාරය ඒවායින් මනාව පැහැදිලි වේ.
මූලාශ්‍ර
Untreasured Empire
Ancient Gold and Silver from Central Asia and the Silk Road


No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........